Lyrics
සිහින පැතුම් විමනේ
රස මිහිර ගෙනා පුතුනේ
නැලවී නැලවී හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ
නැලවී නැලවී හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ
දෑසයි කුඩා ඔබගේ
ලපටි දෙතොල් පුතුනේ
කාගෙයි කියා සිතුවේ
මුහුණයි රුවයි ඔබගේ
පැහැයයි හැඩයි පුතුනේ
මාගෙන් නොවෑ ලැබුණේ
සිහින පැතුම් විමනේ …
මා මෙන් ඔබත් පුතුනේ
මිනිසෙක් වෙලා දෙරණේ
රට දැය කෙරේ බැඳිලා
මව්බිම ඔබෙයි සිතලා
පණ මෙන් ඔබේ රැකලා
දිරිගත යුතුයි පුතුනේ
සිහින පැතුම් විමනේ …
Sihina pathum vimane wimane – Annesley Malewana annasly anasly


Comment