&

සිහිනයට තරම්

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කදු හිස් මුදුන් කර තරු ලකුනු වැටෙනා අතර
සිත නුබම සොයා වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර
සයුරක් වී වැතිර නුබ සරලි නගනා අතර
කිරි සිනා ගඟත් මියුරු ලොකෙන් අරන් යයි
ඉන්නවාද ඇහැර

සිහිනයට තරම් තටු නෑ මට නම්

කදුලක් ලගට දුර තව දුරස් කලේ නුබය
වැහි ඇල්ලක් වගේ සොදුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර
සෙනෙහස් සිහින මල් හැම සැබෑ කෙරූ සසර
නුබ සදකි රුවන් කුමුදු යායක්
පුබුදු කර මා හද කල සුවද

සිහිනයට තරම් තටු නෑ මට නම්

Sihinayata Tharam – Kasun Kalhara & Prathibha Prabha pratiba praba

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *