Mathaka nadda

මතක නැද්ද ආදරෙන්

Lyrics

මතක නැද්ද ආදරෙන් උන්නා ළං වෙලා
දවස තිස්සෙ රෑ පුරා කතා කල ඔයා
ඈත කොහෙද හැංගිලා මගෙන් දුර ගියා
එන්නෙ නැද්ද ආයෙමත් රත්තරං ඔයා
මතක නැද්ද ආදරෙන් උන්නා ළං වෙලා

අඳුරු අහසෙ හිටි ගමන් එළිය සඳ වෙලා
සීත රැයක පාළුවේ උණුසුමක් උණා
අඳුරු අහසෙ හිටි ගමන් එළිය සඳ වෙලා
සීත රැයක පාළුවේ උණුසුමක් උණා
මගේ ජීවිතේම දැන් හීනයක් වෙලා
යන්න කොහෙ ගියාදෝ රත්තරං ඔයා

මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා

හඬන හිත මගේ දැන්නම් නැවතුමක් නැතී
පාළු හිතට ආයේ සැනසුමක් නොයේ
හඬන හිත මගේ දැන්නම් නැවතුමක් නැතී
පාළු හිතට ආයේ සැනසුමක් නොයේ
හිතේ මාළිගා කඩාලා ඔයා ගිය හැටී
එන්නෙ නැද්ද ආයේ කොහොමටත් යළී

මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා

Mathaka Nadda Aadaren adaren – Kingsly Peiris kinsli kingsley piris කිංස්ලි පීරිස්

More from aveterone

Enable Notifications OK No thanks