Siravi Thibuna Hada Pathule

සිර වී තිබුනා | Sirawee Thibuna | Lyrics & Song

Lyrics of Sira Wee Thibuna

සිර වී තිබුනා හද පතුලේ
ඔබ වෙත පිදු සෙනෙහේ
අවදි කළා ඔබ නොසිතූ මොහොතක
මා සඟවා සිටි ආදරේ

ඔබේ සුවඳ රැඳි සුළං කැරැල්ලක
දැවටෙන්නට ආසයි
ඔබ අතිනත ගෙන ඔබට තුරුළු වී
ඇවිදින්නට ආසයි
ඔබ අන්සතු යැයි කිසිම විටක මා
නොසිතන්නට ආසයි
කවදා යළි අපි එක්වන්නේ දැයි
දැනගන්නට ආසයි

ඇරඹුම කෙලෙසද අවසන කොතැනද
නැත කිසිවකු දන්නේ
මා එක් තැනකය ඔබ තව තැනකය
කෙලෙසද හමුවන්නේ
ගතවන මොහොතක් පාසා හද තුළ
ආදරෙ ලියලන්නේ
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන්
මා උදුරා ගන්නේ

සිර වී තිබුනා හද පතුලේ
ඔබ වෙත පිදු සෙනෙහේ
අවදි කළා ඔබ නොසිතූ මොහොතක
මා සඟවා සිටි ආදරේ

sira wi vi Siravi siravee thibuna hada pathule – Nirosha Virajini Wirajini

More from RogueOne