Lyrics of Sonduru Gammane
සොඳුරු ගම්මානේ මේ තාම නැත රෑ වුනේ
මිහිරි සැමියානනේ තනිය නොදැනේ අනේ
අවට රෑ බෝ වෙලා නැගෙයි සඳ පායලා
මිදුලේ වැල්ලේ සුදා හිඳමු අපි ගී ගයා
සොඳුරු ගම්මානේ මේ
ගගන තලයේ සුනිල් වන් නිල් වලා පාවේ අනේ
ඔබෙයි මාගෙයි ස්වරෑපේ නිල් වලා අතරේ පෙනේ
ගගන තලයේ සුනිල් වන් නිල් වලා පාවේ අනේ
ඔබෙයි මාගෙයි ස්වරෑපේ නිල් වලා අතරේ පෙනේ
අපී සුව සේ කියා කියයි අම්මා සොයා
අපේ මහ ගේ දිහා වලාකුළු යයි වහා
සොඳුරු ගම්මානේ මේ
ගහේ අත්තේ කොහා හැඬුවේ බලාලයි අප දිහා
කොවුල් රාණී කියා දේවී අපේ ආලේ රහා
ගහේ අත්තේ කොහා හැඬුවේ බලාලයි අප දිහා
කොවුල් රාණී කියා දේවී අපේ ආලේ රහා
නැගී ආ චන්ඳ්‍රයා මොකෝ මේ හැංගිලා
මුහුණ ඔබගේ බලා ලැජ්ජා හිතිලා ගියා
සොඳුරු ගම්මානේ මේ තාම නැත රෑ වුනේ
මිහිරි සැමියානනේ තනිය නොදැනේ අනේ
මධුර පෙම් ජීවිතේ
Sonduru soduru Gammane – H R Jothipala & Latha Walpola
Comment