Tharu Werale
&

තරු වෙරළේ | Tharu Werale | Song & Lyrics

Lyrics of Tharu Werale

තරු වෙරළේ සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා
හිනැහෙමු ඒ පුරහද සේ
මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා
තරු වෙරළේ සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා
හිනැහෙමු ඒ පුරහද සේ
මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා

මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා
හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක් දැනුනා
හොරෙන් ඇවිදින් පිණි කඳුලක් සිත් සායම් තිබ්බා
සුවඳ විතරයි අතැඟිල්ලට හිමි නැතිදෝ මන්දා

මගෙ ලඟ ඉඳන් ලොකු ඇස් පියන්
වස්සාවී හිත් යායේ වරුසා
මිතුරේ මගේ නිල්මල් හීනේ
සුරකීවා ඔය දෑස වගේ
මිතුරේ මගේ නිල්මල් හීනේ
සුරකීවා ඔය දෑස වගේ

තරු වෙරළේ සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා
හිනැහෙමු ඒ පුරහද සේ
මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා

මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා
සුවඳ විතරයි අතැඟිල්ලට හිමි නැතිදෝ මන්දා

මගෙ ලඟ ඉඳන් ලොකු ඇස් පියන්
වස්සාවී හිත් යායේ වරුසා
මිතුරේ මගේ නිල්මල් හීනේ
සුරකීවා ඔය දෑස වගේ
මිතුරේ මගේ නිල්මල් හීනේ
සුරකීවා ඔය දෑස වගේ

තරු වෙරළේ සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා
හිනැහෙමු ඒ පුරහද සේ
මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා

Tharu verale – Damith Asanka & Gayantha Wijerathna wijayarathne vijerathna wijayarathna

More from RogueOne