Mala Kada Kada
&

මල කඩ කඩ

Lyrics

මල කඩ කඩ පාරේ ආවේ
මල කඩ නැති ආලේ මගේ
නුඹයි මගේ පරම නිධානේ

නෑනා නුඹ නැනේ අනේ
හෝරා කටු හෙමින් ඇනේ
හුස්ම ගියත් සැපයි දවාලේ

මාවත් හිර වූවාදෝ මේ හැන්දෑවේ
ආලෙන් බර දෑසක් වැසුනා
මංමාවත් කල තාවත්
නාවත් තුරුලේ
මානම් අද නෑ පරදින්නේ

මල කඩ කඩ පාරේ ආවේ
මල කඩ නැති ආලේ මගේ
නුඹයි මගේ පරම නිධානේ

නෑනා නුඹ නැනේ අනේ
හෝරා කටු හෙමින් ඇනේ
හුස්ම ගියත් සැපයි දවාලේ
දවාලේ .. නිධානේ..

අනේ අම්මේ තුක් නොදකින්
පත කදවල් නූල් පොටකින්
හැට්ට කට්ට ගහල ඒකේ කොනකින්
පට ගාල හිත ගියා ක්ෂනිකෙන්
නිකන් බෙදන කොකෝ
අපි කෑවම මොකෝ
උඹේ ඉන්ජිම මැනුවල්
ඒත් මගේ එක යකො ඔටෝ
ඉතින් අත ගෑවත් ඇතී
බොක කලච් පාගල හතී
බෝල කැටි සුදු මුහුන
සිපගන්න ඕනෙලු ආසන පටි

මල කඩලා ඒක විකුනා මම ගියත් හිරේ වැලිකඩ
එක දොකහට බොට වෙන්න දෙන්නේ නෑ
මම ආයේ තනිකඩ

මල කඩ කඩ පාරේ ආවේ
මල කඩ නැති ආලේ මගේ
නුඹයි මගේ පරම නිධානේ
නෑනා නුඹ නැනේ අනේ
හෝරා කටු හෙමින් ඇනේ
හුස්ම ගියත් සැපයි දවාලේ //
දවාලේ .. නිධානේ.. //

Mala මළ kada kada pare awe – Dinesh Gamage & Kaizer Kaiz

More from RogueOne

Enable Notifications OK No thanks