Sanda Madalata Hinahennata

සඳ මඩලට හිනැහෙන්නට

Lyrics

සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
වසන්තයට යළි එන්නට එපා කියන්න
මගෙ පාළුව විඳගන්නට මට ඉඩ දෙන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න

ගං ඉවුරට මුමුණන්නට එපා කියන්න
තරු යායට ඉඟිලන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ විසිතුරු බලා ඉඳිම් ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න

සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
වසන්තයට යළි එන්නට එපා කියන්න
මගෙ පාළුව විඳගන්නට මට ඉඩ දෙන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න

මඳ පවනට දැවටෙන්නට එපා කියන්න
මල් සුවඳට ලං වෙන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ සිහිලැල් දරා ඉඳිම් ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න

සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
වසන්තයට යළි එන්නට එපා කියන්න
මගෙ පාළුව විඳගන්නට මට ඉඩ දෙන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න

Sanda sada madalata hinahennata epa kiyanna – Somathilaka somathilake jayamaha

More from RogueOne

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks