Lyrics of Adaraya Kiya Dun As Dekata
ආදරය කියාදුන් ඇස් දෙකට
වාවන්න බැරිළු උනු කදුළු කැට
ඈ කවුරු වුණත් ඇවැස්ස කමට
හිත දෙන්න වුණා නෑණන්ඩියට
ආදරය කියාදුන් ඇස් දෙකට
සිතිවිලි ඔබගේ සෙනෙහස තැවරූ
මා යන්තම් වත් නොකලෙමි ඇසුරු
උඹෙ හිතේ තියන් මටවත් නොකියූ
ඒ රහසද ඔච්චරටම නපුරු
ඒ රහසද ඔච්චරටම නපුරු
ආදරය කියාදුන් ඇස් දෙකට
වාවන්න බැරිළු උනු කදුළු කැට
ඈ කවුරු වුණත් ඇවැස්ස කමට
හිත දෙන්න වුණා නෑනන්ඩියට
ආදරය කියාදුන් ඇස් දෙකට
සැන්දෑ අහසද අද අමාවකයි
මං හින්දා ඔබ නිකරුනේ හඩයි
රෑ සිහිනෙන් නිරතුරුව ඉකි ගසයි
මට සමාවෙන්න වරද මගෙ නොවෙයි
මට සමාවෙන්න වරද මගෙ නොවෙයි
ආදරය කියාදුන් ඇස් දෙකට
වාවන්න බැරිළු උනු කදුළු කැට
ඈ කවුරු වුණත් ඇවැස්ස කමට
හිත දෙන්න වුණා නෑනන්ඩියට
ආදරය කියාදුන් ඇස් දෙකට
Adaraya Kiya Dun As Dekata – Ajith Muthukumarana
Comment