Ahi Pillamak Athara

ඇහි පිල්ලමක් | Ahi Pillamak | Song & Lyrics

Lyrics of Ahi Pillamak

ඇහිපිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
සීතලම කඳුලක්ව නවතින්න දෑසේ
උණුසුම්ව සුසුමක්ව දැවටෙන්න මහදේ
මිහිරේ මිහිරේ මිහිරේ

මේ මියුරු ගී හඬද ගී පෙලද ඔබගේ
මේ පිරුණු දෙකොපුල්ද තොල්පෙතිද ඔබගෙය
සුලඟින්ද කිළිපොලන සියොළඟම ඔබගෙය
මිහිරේ මිහිරේ මිහිරේ

හැමදාම පෙම් හීන ඇඳ රෑට ගැවසෙන්න
කොඳුරන්න රස රහස මා ළඟ ම ඇලවෙන්න
මල් කැකුළු මත සොඳුරු පොඳ වැස්ස වස්සන්න
මිහිරේ මිහිරේ මිහිරේ

ඇහි පිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
සීතලම කඳුලක් ව නවතින්න දෑසේ
උණුසුම්ව සුසුමක් ව දැවටෙන්න මහදේ
මිහිරේ  මිහිරේ  මිහිරේ
මිහිරේ  මිහිරේ  මිහිරේ

Ahi Pillamak – Umaria Sinhawansa

More from aveterone