Lyrics of Ahimi E Dasa
මේ යාමේ විරාමේ කාලේ නැවතී අකාලේ
මතකේ හා දවාලන් මේමා
ප්‍රේමේ කියු විමානේ ගිනි දැල්වේ දෑස මානේ
කඳුලේ තව නිවාලන් මෙමා
අවතැන් වුනාදෝ ආලේ මගේ නිස්කාරනේ
හිස්තැන් තබාදෝ මා ආදරේ කලේ
අවසන් වුනාදෝ ප්‍රේමේ නුඹේ වස්සානයේ
කල් පිරුනාදෝ මේ ආදරේ අපේ
අහිමී ඒ දෑස මාගෙන් දුර ගියාවේ
නුඹෙ මතකයේ මං ඔහේ පාවෙනා
ගොළුවී උන් මාගෙ හර්දේ දුන් විලාපේ
නුඹ නැති රැයේ දැන් ඇසේ මා වෙලා..
ඕඕඕ……
ප්‍රේමේ පොතේ පටුනේ මා
මුදුනේ නුඹේ නම ලියලා
ඇරඹූව පෙම් හසුනේ
නෑ කෙළවරක් දැනුනේ
ලියවූ දහස් පිටුවල මා
සැනසූ හවස් වරු තිබුනා
ඇයිද තව නුඹ නාවේ
සනසන්න පෙර වාගේ
මේ යාමයේ දැනුණා ආයේ
ප්‍රේමේ නොවේ නුඹේ සන්තානේ
අවතැන් වුනාදෝ ආලේ මගේ නිස්කාරනේ
නුඹ දන්නවාදෝ මා ආදරේ අගේ
යළි කවදාහෝ ප්‍රේමේ නුඹේ නොපතා මෙසේ
අවසන් වුනාදෝ මේ ආදරේ මගේ
අහිමී ඒ දෑස මාගෙන් දුර ගියාවේ
නුඹෙ මතකයේ මං ඔහේ පාවෙනා
ගොළුවී උන් මාගෙ හර්දේ දුන් විලාපේ
නුඹ නැති රැයේ දැන් ඇසේ මා වෙලා
ඕඕඕ……
DILU Beats – Ahimi E Dasa desa


Comment