Mata Epa Obe Hasarali Bindak

මට එපා ඔබේ හසරැළි බිඳක්

Lyrics

මට එපා ඔබේ හසරැළි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැලුම්
හද වේදනා දෙනවා

සිහින ලොවේ මා අද තනි වෙනවා
සිතිවිලි සයුරු තෙරේ
සිහින ලොවේ මා අද තනි වෙනවා
සිතිවිලි සයුරු තෙරේ
නුඹට කාරි නැත මගේ දුකට මම
ගී පදවැල් ලීවේ
නුඹට කාරි නැත මගේ දුකට මම
ගී පදවැල් ලීවේ

මට එපා ඔබේ හසරැළි බිඳක් …

මතු දිනයකදී මාගෙන් සමුගෙන
ඔබ ඉවතට යනවා
මතු දිනයකදී මාගෙන් සමුගෙන
ඔබ ඉවතට යනවා
අපේ මතකයේ බිඳුවක් ඔබහට
තිබුනොත් සෑහෙනවා
අපේ මතකයේ බිඳුවක් ඔබහට
තිබුනොත් සෑහෙනවා

මට එපා ඔබේ හසරැළි බිඳක් … //

Mata Epa Obe Hasarali Bidak bindak හසරැලි – Sharly waijayantha shirly vijayantha

More from raccoon

Enable Notifications OK No thanks