Sinawakata Wada Obe Kandulu Walata

සිනාවකට වඩා

Lyrics

සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්
කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි
මා වටකර නැගෙන සිනා නම්
මා වටකර නැගෙන සිනා නම්

සඳ එළියට වඩා සඳේ සඳ අඳුරට මං ආසයි
සඳ අඳුරේ ඔබ හමුවේ නම්
සඳ අඳුරට වඩා සඳේ සඳ එළියට මං ආසයි
සඳ එළියේ ඔබ හමුවේ නම්

මහ මන්දිරයටක වඩා ඔබේ පැලට මං ආසයි
එය තැනුවේ මා වෙනුවෙන් නම්
ජීවිතයම දුකක් වුණත් ජීවිතයට මං ආසයි
ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්

සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්
කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි
මා වටකර නැගෙන සිනා නම්
මා වටකර නැගෙන සිනා නම්

Sinawakata Wada obe kandulu kadulu sinavakata vada man asai asayi සද – Nelu Adhikari adikari

More from raccoon

Enable Notifications OK No thanks