Gaman Magak Thibunada Me

ගමන් මගක් තිබුණා ද

Lyrics

ගමන් මගක් තිබුණා ද මේ
ප්‍රේම චාරිකාවේ
ගිමන්හලක් හමුවී ද මේ
ප්‍රේම චාරිකාවේ
//

නෙතින් ගැලූ කඳුළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනිදැල් නිවා
ඔබයි මමයි හැම දා හිඳින්න ද
ඉරයි හඳයි මියෙනා තුරා
අපේ පෙම් ලෝකයේ

ගමන් මගක් තිබුණා ද මේ
ප්‍රේම චාරිකාවේ
ගිමන්හලක් හමුවී ද මේ
ප්‍රේම චාරිකාවේ

ගමන් මගක් විමසා බලන්නට
කෙනෙක් නොවී නෙත් මානයේ
ඔබත් මුළා විය මමත් මුළා වුණි
ඉමක් කොණක් නැති මාවතේ
විරහ පෙම් මාවතේ

ගමන් මගක් තිබුණා ද මේ
ප්‍රේම චාරිකාවේ
ගිමන්හලක් හමුවී ද මේ
ප්‍රේම චාරිකාවේ

Gaman Magak Thibunada Me – Dr. Rohana Weerasinghe wirasinha

More from raccoon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks