Upanda Sita
&

උපන්දාසිට

Lyrics

දස මහා යෝධයෝ රැක ගත්ත අම්මාව
වෙන්දේසි ලංසුවට විකුණලා
පියවුරෝ ගලවලා කිරි නහර ගැට ගසා
පොඩි එවුන් බඩගින්නෙ තනි කළා
කළලෙ උන් පොඩි පැටව් අම්මාගෙ රුව නොදැක
මොණර කොළ හොයන්නට ඉගිලිලා
රිදෙනවා කිව්වාම පියයුරෝ නැති ළමැද
පුරවන්න සිංහයෙක් නැති වුණා
එකම එක සිංහයෙක් නැතිවුනා
මගේ සිංහ සීවලිත් ඉගිළුනා

මම තමයි ලංකාව මුතු ඇටය ඉන්දියන් සාගරේ
බේරපන් උඹෙ ළමයි මැරෙනවලු අන්න සාගින්දරේ
මම තමයි ලංකාව කදුළු බිංදුවයි මං මහා සාගරේ
දැන දැනම කළ පවට දෙන්න දඩුවම් තියෙද
අවනඩුව විසදපන් ස්වාමිනේ
අවනඩුව විසදපන් ස්වාමිනේ
අවනඩුව විසදපන් ස්වාමිනේ

මම තමයි ලංකාව විලාපය මගේ දැන් අසාපන්
හීනයක් නැති රටේ හීන කොළ ඉරා ගිනි තියාපන්
හත් දොහේ දානයට අම්මාගෙ මළ මිනිය උයාපන්
එහෙම හරි වේලකට දරුවන්ගෙ සාගින්න නිවාපන්

Upandasita – mama thamai lankawa lankava thamayi dasa maha yodayo – abisheka -Abhisheka Wimalaweera | Pranirsha Thiyagaraja

More from raccoon

Featured on

Enable Notifications OK No thanks