Sarojani

සරෝජනි

Lyrics

හෙට උදේම පොලීසියට යන්න එන්න සරෝජනී
පැමිනිල්ලට නුඹත් එක්ක මම එන්නම් සරෝජනී
උසාවියේ එක බංකුව බෙදාගනිමු සරෝජනී
උබේ කඳුලු මටත් දියන් අපි අඬමුද සරෝජනී

සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී
සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී
සරෝජනී සරෝජනී දුක බෙදාගනිමු සරෝජනී
සරෝජනී සරෝජනී හිත් මැරුණ අපේ සරෝජනී

ඔය පැල්ලම් මකා ගන්න වත්සුණු මදි සරෝජනී
මගෙත් තිබුණ දැං මැකිලා කල් ගෙවුණා සරෝජනී
මගෙ හිමි නුඹ අරං ගියෙ හරි ඉහලින් සරෝජනී
ලෝකය නොදුටුව මගෙ දුක දැං නුඹ දන්නවා

සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී

වහලක් යට නිරයක දුක විඳගෙන ආ දිග ගමනක්
නුඹ හිංදා නිමා උනා නුඹ දන්නෑ සරෝජනී
ඒ දුක දැං නුඹ විඳිනවා මම දන්නවා සරෝජනී
සැමියකු නොව ගිනි කන්දක් අපි බෙදාගත්තෙ

සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී
සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී
සරෝජනී සරෝජනී දුක බෙදාගනිමු සරෝජනී
සරෝජනී සරෝජනී හිත් මැරුණ අපේ සරෝජනී

Sarojani sarojini සරෝජිනී සරෝජනී heya udeta – Raini Charuka rayani

More from raccoon

Featured on

Enable Notifications OK No thanks