Akase Wala Pelin

ආකාසේ වලා පෙළින්

Lyrics of Akase Wala Pelin

ආකාසේ වලා පෙළින් ඈත එහා කොදෙව්වේ
ආකාසේ වලා පෙළින් ඈත එහා කොදෙව්වේ
ඔබ හා මා රැඳී ඉන්න එන්න සීත දනව්වේ
අසා මගේ ගී රාවේ රසේ මවාලා
ඔබ ගයාවි මේ ගී තාලේ සිනා සලාලා
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා
ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත් සිතින් උදම්වෙලා

සිහිල් පවන් හමාවී
නැවුම් සුගන්දයක් දී
සිහිල් පවන් හමාවී
නැවුම් සුගන්දයක් දී
දේදුන්නේ පාටට ළංවී
අවුල් තැවුල් නිමාවී
නිමේෂයක් හිඳීවී
ආදරයෙන් දෑත් බැඳේවී
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා
ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත් සිතින් උදම්වෙලා

හිතේ පැතුම් පිපේවී
අළුත් හැඟුම් කියාදී
හිතේ පැතුම් පිපේවී
අළුත් හැඟුම් කියාදී
මේ මල් යායේ නැළවේවී
අපේ රහස් කතාවී
වසන්තයක් උදාවී
කාටත් සැනසීම ලැබේවී
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා
ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත් සිතින් උදම්වෙලා

ආකාසේ වලා පෙළින් ඈත එහා කොදෙව්වේ
ඔබ මා හා රැඳී ඉන්න එන්න සීත දනව්වේ
අසා මගේ ගී රාවේ රසේ මවාලා
ඔබ ගයාවි මේ ගී තාලේ සිනා සලාලා
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා
ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත්
සිතින් උදම්වෙලා
ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත්
සිතින් උදම්වෙලා
ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත්
සිතින් උදම්වෙලා

Akase Vala Pelin atha eha kodevve – Samitha Mudunkotuwa

More from aveterone