Awwe Muthu Ata Wapura

අව්වේ මුතු ඇට වපුරා | Awwe Muthu Ata Wapura | Lyrics & Song

Lyrics of Awwe Muthu Ata Wapura

අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පනමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුස ගින්නේ
ඉඳ හිනැහෙන්නේ අපේ අප්පච්චි
නුඹ කුස ගින්නේ අපේ අප්පච්චි

අපා දෙපා සිව්පාවුන්
ගෙන එන වින වලකන්නට
සනසා නුඹ අප වටකර දඬු වැට වෙද්දී
මහ කැළේට ඇස් මානා අපේ අප්පච්චී

අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පනමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුස ගින්නේ
ඉඳ හිනැහෙන්නේ අපේ අප්පච්චි
නුඹ කුස ගින්නේ අපේ අප්පච්චි

ජීවිතයේ බඹර වෙලින්
පැණි හොයලා රූටන්නේ
හිත හයියට කල වැල් පොට වර පොට වෙච්චී
විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී

අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පනමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුස ගින්නේ
ඉඳ හිනැහෙන්නේ අපේ අප්පච්චි
නුඹ කුස ගින්නේ අපේ අප්පච්චි

avve muthu keta kata atha – Krishantha Erandaka chrishantha

More from raccoon