Lyrics of Dana Dana Ma
නුබ මට මල් සුවඳක් බව
දැන දැන මා මියැදේ
දුරින් හිද හිත හිත මා මියැදේ
නුබ මට මල් සුවඳක් බව
නොදැනම නුබ පර වේ
ගිහින් දුර, නොදැනම නුඹ පර වේ
සිතුවිලි ඉතින් අතරමග නැවතුනී
සිහිනෙකි අපේ මතක මට සිහිනෙකී
හුරුවෙමී දුරින් හිඳින්නට හුරුවෙමී
හදුනමී දුරින් හිදින දුක හදුනමී
දැන දැන මා මියැදේ දුරින් හිද
හිත හිත මා මියැදේ
දැන දැන මා මියැදේ දුරින් හිද
හිත හිත මා මියැදේ
සීහිරුනු පපුවේ හසරැල් මුහුනේ
තිබුණේ කොහොමද මන්දා
හිදුනත් සබදේ දැරුවෙමි සුවසේ
ආදරේ උතුරා ගැලුවා
මල් උනත් පර උනේ නොදැනිම සුවඳත්
අපි හුඟක් දුර ගියේ නොදැනිම අපිවත්
දැන දැන මා මියැදේ දුරින් හිද
හිත හිත මා මියැදේ
දැන දැන මා මියැදේ දුරින් හිද
හිත හිත මා මියැදේ
අඳුරේ දිලුනේ කදුලුද ලදුනේ
නුබ මට නොකියා හිටියා
යලි එනු බෑනේ ඒ බව දන්නේ
ඉන්නට නොකියා හිටියා
දැන දැන මා මියැදේ දුරින් හිද
හිත හිත මා මියැදේ
දැන දැන මා මියැදේ දුරින් හිද
හිත හිත මා මියැදේ
Dana Dana Ma dena – Kanchana Anuradhi & Dinesh Gamage


Comment