Galayana gange

ගලා යන ගඟේ

Lyrics

ගලා යන ගඟේ සඳ දියේ වැටී
කොඳ මල් මුහුණ දීලි
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ
පාළුවයි ලං කලේ

මද සුලං රැලී අතු අගින් වැදී
මොනවදෝ කියන්නේ
ඒ සුලං රැලී සිසිලසින් ගැලී
හදවතට දැනෙන්නේ
පාළුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි

හවසට හමු වි අයේත් වෙන් වී
ජිව්තේ ගෙවෙන්නෙ
සඳ එළිය වගේ ජිව්තේ පුරා
ආදරේ දැනෙන්නේ
පාළුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි

තරු කැට වට වී රාත්‍රිරිය පුරා
සඳේ තනි රකින්නේ
සඳේ කවදාදෝ සඳ කැන් යාමේ
මා තුරැලට එන්නේ
පාළුවත් සුන්දරයි
ජිව්තේ සුන්දරයි

ගලා යන ගඟේ සඳ දියේ වැටී …

Gala Yana Gange gage ගගේ – Raveen Kanishka raween රවීන් කනිශ්ක

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks