ගලින් කල හදවත

Lyrics

ගලින් කල හදවත
මලින් සරසා ඇත
දනිමි මම සිරිකත
කිමැයි ඔබේ මුණිවත
//

පලා දුවන්නට නම් නොසොයා විසඳුම්
මුණිවත මැයි මේ ලෝ පිළිගත් පිළියම්
නැඟුනත් මහමෙර වන් පැනයක් මොනයම්
සිටින්න නිහඬව ඔබහට යහපත් නම්

ගලින් කල හදවත ...

ඇසට ඇසක් යම් දිනයක හමුවුණි නම්
මුවට වදන් වැල් නොනැඟේ යැයි නොසිතමි
එනමුද් හදවත ගල් පර්වතයක් නම්
ගොළුවී කල හැක පෙම් ලොව මහ විස්කම්

ගලින් කල හදවත ... //

Galin kala hadawatha hadavatha - Amal Perera

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *