මම නම් ආසයි අහන්න නයනා

Lyrics

මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින්
දෙනෙත පියාගෙන කියන්න මුමුණා එක වදනක් හෝ කෝල ලෙසින්
වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ ඉර හඳ පමණයි කවදත් උන්නේ
මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින්

ඉඳුල් මගේ නෙත මුලින්ම දුටු දා මා හා හිනැහුණු අහිංසකාවිය
අදත් එදා මෙන් දකින්න ඇත්නම් මට පෙම් කළ මුදු නිසංසලාවිය
මා ආගන්තුක ලෙසද පෙනෙන්නේ පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ
මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින්

පාසැල් කාලය ඔහේ ගෙවෙද්දෙන් ලෝකය යනතක ගමනේ යද්දෙන්
පුංචි දැරිය යුවතියක වුනාදෙන් මගේ බොළඳ හිත මට තිබුණාදෙන්
ලොවට බයේ ඇයි ජීවත් වන්නේ දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ

මම නම් ආසයි අහන්න නයනා ……

Mama Nam Asai Ahanna Nayana – Prof. Sanath Nandasiri

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks