Lyrics
හෝ ඕ ඔ ඕ……හෝ ඕ ඔ ඕ
රෑ අඳුරේ.. සයුරේ පාවී.. ඈත යාවී.. ඈත යාවී.. හෝ ඕ ඔ ඕ……හෝ ඕ ඔ ඕ
දෑතේ සවී හබලේ රැඳී පාවෙන්නේ රෑ යාමයේ
දෙවියනි ඔබේ සරණය ලැබී පිරවෙන්නේ මඩියයි අපේ
රෑ අඳුරේ…..
වෙරළේ පැලේ සොඳුරිය මගේ අයදින්නේ පිහිටයි ඔබේ
දෙවියනි ඔබේ සරණය ලැබී රැකදෙන්නෙ ජීවේ අපේ
රෑ අඳුරේ…..
සුළගේ සෙනේ රුදුරුයි වගේ ඔරුවේ රුවල් බිඳ වැටේ
දෙවියනි ඔබේ සරණය ලැබී ගෙනයන්න ගොඩබිම වෙතේ
රෑ අඳුරේ…..
සයුරේ ජලේ සැමදා මෙසේ දියවේදො අප ජීවිතේ
දෙවියනි ඔබේ සරණය ලැබේ කිසිදාක සැකයක් නැතේ
රෑ අඳුරේ…..
Rae Andure Adure Raa Re – Athma Liyanage
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment