Gangak Se Oba
&

ගඟක් සේ ඔබ | Gangak Se Oba | Lyrics & Song

Lyrics of Gangak Se Oba

ගගක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්
මලක් සේ ඔබ පෙති සලයි නම්
පවන් රල වී ඔබව සිප ගන්නම්

පලා පැහැයෙන් දිදුල කදුවලියේ
අතුල පිනි මතුවේ
පලා පැහැයෙන් දිදුල කදුවලියේ
අතුල පිනි මතුවේ
සඳක් සේ මා ඔබට දැල්වෙමි නම්
ඔබේ කඳුලැලි පෙමින් පිසලන්නම්

ගගක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්
මලක් සේ ඔබ පෙති සලයි නම්
පවන් රල වී ඔබව සිප ගන්නම්

දෑස රවටන මිරිඟු දිය තලයේ
වැටෙන උණු කදුළේ
දෑස රවටන මිරිඟු දිය තලයේ
වැටෙන උණු කදුළේ
අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්
මිරිඟු දිය මැද කෙම් බිමක් වෙන්නම්

ගගක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්

Gangak Seoba gagak gangak – Deepika Priyadarshani & Karunarathna Divulgane dipika diulgane

More from raccoon

1 Comment

  1. මේ මියුරු ගීතය, ආදරයේ තවත් එක පති කඩක් සියුම්ව ස්පර්ශ කරන ආකාරය මේ ගීතයෙන් පිලිබිබු වේ.

    ගගක් සේ ඔබ ගලා ඒ නම්
    මුව දොරක් වී ඔබව හමුවන්නම්.
    මලක් සේ ඔබ පෙති සලය් නම්
    පවන් රල වී ඔබව සිප ගන්නම්

    ඔබත් මමත්, අපි වැඩියෙන්ම ආදරේ කරන අපේ ජීවන සහකාරියට කොතෙකුත් පොරොන්දු දී ඇත ද? ඒ පොරොන්දු කීයෙන් කීයක් ඉටුවී ඇත්ද? නමුත් මේ පෙම්වතා අමුතුම ආකාරයේ පොරොන්දුවක් වෙන ආකාරයක් මේ ගීතයේ මුල් පද කීපයෙන් පෙනේ.

    ගගක් කොතරම් උස කන්දකින් පටන් ගත්තත් අන්තිමේදී මුවදොරකින් මුහුදට වැටේ. ඒ ගගට මල් පෙති වැටෙනවා වගේම අපද්‍රව්වය්ත් එකතු වෙනවා. ජීවිතෙත් ඒ වගේමය්. අපිට දුක් කරදර වගේම සැප සතුටත් එක හා සමානව ලැබෙනවා. මේ හැම දෙයක්ම ගග අරගෙන ඇවිත් මුව දොරකින් මුහුදට වැටෙනවා.

    ඔබේ ජීවිතය ගගක් නම් මම ඔබව මුව දොර වගේ ඔබව හමු වෙනවා. කිසිම දිනක නොකැඩෙන පොරොන්දුවක් මේ පෙම්වතා සහ පෙම්වති වෙනවා. ගගක් මුහුදට වැටෙන්න මුව දොරකින් පමණි. ඒ වගේ ජීවිතයේ මොන ප්‍රශ්න ආවත්, මොන තරම් දුක් දැනුනත්, ඒ සම දෙකම අවසානයේ ඔවුන් දෙදෙනා සිටින බවට පොරොන්දුවකි.

    ඒ වගේම මලක් කියන්නේ හරිම සියුමැලි අලංකාර දෙයක්. මලක පෙති තද සුළගක් හමුවේ කැඩී යන්නට පුළුවන්. නමුත් මේ පෙම්වතා මලක් වන් තම පෙම්වතියව ආදරෙන් රැක බලා ගන්නා බවට කෙරෙන ප්‍රතිචාවක් වෙනවා.

    පලා පැහැයෙන් දිදුල කදුවලියේ.
    අතුල පිනි මතුවේ
    සදක් සේ ඔබට දල්වෙන්නම්
    ඔබේ කඳුලැලි පෙමින් පිසලන්නම්.

    මේ දෙදෙනාගේ ආදරය නිල්ලෙන් වැසුණු කදු වල්ලක් වගේ. එහි මල් පිරිලා කුරුල්ලන් ගී ගයන ඇති රමණිය පරිසරයක් වගේ. මේ වගේ පල පහන් දිදුලන කදුවලියක මුල වෙන්නේ එහි තියන දිය සීරාව. මෙහි දැක්වෙන ප්‍රීතිමත් ජීවිතයේ පදනම වෙලා තියෙන්නේ ඔවුන්ගේ ආදරය, ආදරය නැත්තම් ජීවිතය කර්කශ වෙනවා, ඒ නිල කදුවලියේ දිය සීරාව නැති උනොත් පල පැහැය නැති වෙලා කාන්තාරයක් වෙනවා.
    ඉර පයනකොට, පිනි සියලම වේලිලා යනවා. නමුත් සදක් පයනකොට පිනි වේලිලා යන්නේ නැ.
    ඒ වගේම සදක් සේ අයගේ / ඔහුගේ ජීවිතයට එළියක් වෙන බවටත් මෙහිදී පොරොන්දුවක් වෙනවා. එසේ හිඳිමින් කදුළු ආදරයෙන් පිසලන බවක් මෙහිදී කියා පනවා.

    දෑස රවටන මිරිඟු දිය තලයේ
    වැටෙන උණු කදුළේ
    අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්
    මිරිඟු දිය මද කෙන් බිමක් වෙන්නම්

    නව යව්වන ප්‍රේමයක් සලක බැලුවොත්, ඒ ප්‍රේමයට ගොඩාක් දුර යන්න තියනවා. ඔවුන් දෙදෙනාට එකතු වෙන්නට බැරි වේදෝ කියා බයක් ඇති වෙන්න පුළුවන්, මොකද කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් වෙනස් වෙන්න පුළුවන්, දෙමව්පියන්ගේ ප්‍රශ්න එන්න පුළුවන්.
    මේ පිවිතුරු ආදරය මිරුගුවක් වෙයදා කියන බය ඔවුන් දෙදෙනාගේ සිත තුල ඇති වෙන්න පුළුවන්. මේ පෙම්වතුන් දෙදෙනා පොරොන්දු වෙනවා, ජීවිතය කියන මේ කාන්තාරයේ ඇවිද ගෙන යන විට මේ දකින සිහිනව මිරිගුවක් වෙන්නට නොදී ක්ෂේම බුමියක් බවට පත් කරනව කියල.

    ⓕ Sinhala Sindu සිංහල සින්දු ⓕ