Handana Tharam

හඬනා තරම්

Lyrics

හමුවුනු තැනින් වෙන් වෙන්න නම්
ඇයි ලංවුනේ ඇපි මේ තරම්
වාවන්නේ නෑ මේ හිත මගේ
මතකෙන් ඔබේ දැවෙනා තරම්
එකට එක්වී දුටුව සිහිනේ
මඟින් නවතා ඔබයි හැරුනේ
අදහන්න බෑ. හැරයන්නෙ ඔබම ද කියා

හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නෙ නෑ ඔබ දනී නම්

හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නෙ නෑ ඔබ දනී නම්

හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න
මතු මතුත් හැම භවේ
වැටුනු මගෙ හිතට දිරිය දුන් ඔබම
යන්නෙ ඇයි මේ වගේ

හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නෙ නෑ ඔබ දනී නම් //

යනෙන හැම තැනම පසුපසින් ඇවිද
දිනුම දුන් පන මගේ
නැවත පැමිණේවි මටම හිමිවේවි
කියනවා හිත මගේ

හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නෙ නෑ ඔබ දනී නම් //

හමුවුනු තැනින් …

Hadana handana tharam hamuvunu thanin hamu wunu – Senanayaka Weraliyadda වෙරලියද්ද

More from RogueOne

Enable Notifications OK No thanks