Piyumehi pani bothi wana bambaru පියුමෙහි පැණි බොති වන බඹරු

පියුමෙහි පැණි බොති වන බඹරු

Lyrics

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු
//

කුසගිනි හැදුනට ඉඳල් නොකව්
කණකොළ නොබුදිති සිංහ පැටව් //
හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
තල තෙල් නොදමයි රන් බඳුණේ //

පියුමෙහි පැණි බොති …

ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කළු කපුටා //
සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳියි ගිරවියගෙ කරේ //

පියුමෙහි පැණි බොති … //

Piyumehi pani peni bothi wana vana babaru bambaru – C T Fernando pranandu

More from RogueOne

Enable Notifications OK No thanks