Wedima

වෙඩිම

Lyrics

ඇඳට වඩා අපි පාරෙදි හම්බුනා
අහුමුලුවල අපි හැමදම සෙට් උනා
බෙන්ච් හොය හොය පාර පුරා තැම්බුනා
ගන්ඩ හිටිය මගෙ වෙඩිමට කෙලවුනා

අපෙ ලව් එක ගම පුරාම හිට් උනා
Fb එකේ මන් පෙම් කුමරෙක් උනා
පද අහලම මට හොඳටම ඇති උනා
බඳින්න හිටියට අපි අද වෙන්වුනා

ඇස්වහ වැදිලද ලව් එක දෙල් උනා
පැණි හඳ පෙනි පෙනි අපි අද වෙන් උනා
උඹේ වෙඩිමට අද මට එන්නට උනා
තරු පෙනි පෙනි උඹ පෝරුවෙ හිනැහුනා

ඇඳට වඩා අපි පාරෙදි හම්බුනා
ඒ හින්දම අපි දෙන්නට කෙල වුනා
ඇඳට වඩා අපි පාරෙදි හම්බුනා
ඒ හින්දම අපි දෙන්නට කෙල වුනා
අනේ ඒ හින්දම අපි දෙන්නට කෙල වුනා

Wedima වෙඩිම- andata adata wada api vada paredi hambavuna (Andata vadaa api paredi hambuna)- Sanjeew Longliyes සංජීව් ලෝන්ලියෙස්

More from RogueOne

Enable Notifications OK No thanks