හිතුමතේ | Hithumathe | Lyrics & Song

Lyrics of Hithumathe

මා දෙස නෙත් නොපියා බලාපූ
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ
වැඩිපුර මාත් එක්ක නොආපූ
මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපූ

ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි
මගෙ හිත හදාපූ

හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ

පපුවට තුරුලු වී හිඳ හඬාපූ
ළං වී තොඳොල් බස් මට දොඩාපූ
හිත ළග හීනෙන් නිදි වරාපූ
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ

මට තවමත් සුවඳ දෙයි
මට තවමත් සුවඳ දෙයි
මට තවමත් සුවඳ දෙයි
මලකින් හමාපූ

හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ

Hithumathe hitumathe | Romesh Sugathapala | IRAJ | Ma Desa Neth Nopiya Balapu

More from raccoon