Iru-dina-pamanak-nowa

ඉරුදින පමණක් නොව

Lyrics

ඉරුදින පමණක් නොව තව දසදහස් දිනක් 
ඔබ හමුවන්නට ඇත්නම් එය මහත් පිනක් 
අද ඔබ දැක පිය නැඟුවත් සිත යලිත් වරක් 
හෙට වෙනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක්
// 

සතියක් මාසයට හැරී අවුරුදු වන්නේ 
එලෙසින් අපේ ආදරයේ දළු ලියලන්නේ
දවසින් දවසම හැඩ වී ඔබව පෙනෙන්නේ 
ඔබව පෙනෙන්නේ 
එනිසයි මා ඔබ දැකුමට හැමදින එන්නේ.. 

ඉරුදින පමණක් නොව

දෙකොපුල් වල ගැසෙන ලෙසින් ඔබ හිනැහෙන්නේ 
කිසිදා නැත ඔය මදහස අමතක වන්නේ 
මහදේ උතුරන සෙනෙහස නැත නිම වන්නේ 
නැත නිම වන්නේ 
කෙදිනද ඔබ මගේ අත ගෙන පැල වෙත එන්නේ

ඉරුදින පමණක් නොව //

Iru Dina Pamanak Nowa nova- Anil Bharathi barathi

More from aveterone

Enable Notifications OK No thanks