Ran Hiru Madalin

රන් හිරු මඩලින්

Lyrics

රන්හිරු මඩලින්‌ සිහිලස අයදිනවා
පුන්සඳ පහනෙන්‌ උණුසුම අයදිනවා
ලෝකය බිහිවු දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ළතැවෙනවා

රන්හි‍රු මඩලින්‌ සිහිලස අයදිනවා
පුන්සඳ පහනෙන්‌ උණුසුම අයදිනවා
ලෝකය බිහිවු දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ළතැවෙනවා

සයුරේ පැන්‌ තොට සොයමින්‌ වැළපෙනවා
කතරේ කෙම්බිම දකිමින්‌ රැවටෙනවා
සයුරේ පැන්‌ තොට සොයමින්‌ වැළපෙනවා
කතරේ කෙම්බිම දකිමින්‌ රැවටෙනවා
දිලිසෙන දියරැලි මාලා නෙත පුරවා නෙක මායා
මිනිසුන්‌ හැමදා සිහිනක සැතපෙනවා

රන්හිරු මඩලින්‌ සිහිලස අයදිනවා
පුන්සඳ පහනෙන්‌ උණුසුම අයදිනවා
ලෝකය බිහිවු දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ළතැවෙනවා

ගමනේ මංපෙත දවසක නිමවෙනවා
ලද දේ කල කී දේ හිත හඬවනවා
ගමනේ මංපෙත දවසක නිමවෙනවා
ලද දේ කල කී දේ හිත හඬවනවා
නිවැරදි හැම සඟවාලා වරදට මල්දම්‌ දාලා
රකුසන්‌ පුද දී මිනිසුන්‌ සැනසෙනවා

රන්හිරු මඩලින්‌ සිහිලස අයදිනවා
පුන්සඳ පහනෙන්‌ උණුසුම අයදිනවා
ලෝකය බිහිවු දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ළතැවෙනවා

Ran hiru madalin sihilasa ayadinawa – Edward Jayakody

More from aveterone

Enable Notifications OK No thanks