සමනල පාලම උඩ

lyrics

සමනල පාලම උඩ ගාලු පුරවරේ
නලියන කරදිය හුලගේ
අවනත නැති මුහුලට
ටිකක් දග කරන්න දෙන්න
හීතල කොපුල ඔබේ..
හීතල කොපුල ඔබේ මගේ උරහිසේ තියාන
කොටු පවුර වගේ ඉදිමු නොසෙල්වී
ලොවම බලා සිටියාවේ

ගෙවුනු තුරුණු විය අමතක කල මේ නුවරුන්
අපේ සොදුරු නිමේෂයට කරනා ගැරහුම්
අදුරට ලොව දියවේවී අප නෑ තනිවී
කවියක් වගේ ආදරේ

සමනල පාලම…..

ප්‍රේමයේ නමින් ලොව හෙලු කදුළු එක්වෙවී
සයුරු රළ ලෙසින් වෙරළට ග‍යනා සෝ ගී
අවනඩු කාට කියන්නේ අපි ඉගිල යමු
නිල් ඇස් සොයා ආදරේ

සමනල පාලම…..

samanala palama krishantha Erandaka

More from aveterone

Enable Notifications OK No thanks