Jeewithe Mage Oya Kiyala

ජීවිතේ මගේ ඔයා කියාලා

Lyrics of Jeewithe Mage Oya Kiyala

ජීවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

ජීවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

නීල දැසෙ කෝල බැලුම්‌ පා සිනා සලා
යොවුන්‌ කුමරි එවන් බසට නොවන්‌ මංමුළා
ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන්‌
ජීවිතේට මිහිර ඉසුර ඔබට ළං කරන්‌
බාල කාලේ ආයෙ එන්නේ නෑ
වැරදුණ තැන යළි හදන්න බෑ

ජීවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

මිහිරි මී වගේ දැනේවි යොවුන්‌ ආදරේ
යොවුන්‌ සිතට මිහිර ගෙනෙයි එවන්‌ ආදරේ
ආදරේක මිහිර ඔබේ හදට ළං කරන්‌
හිනාවෙන්න කුමරිය සිප්සතර නිම කරන්‌
බාල කාලේ ආයෙ එන්නේ නෑ
වැරදුණ තැන යළි හදන්න බෑ

ජීවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

ජීවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා
කියා ලියා ඔබව පතාලා
කියා ලියා ඔබව පතාලා

Jiwithe ජිවිතේ Mage Oya Kiyala – Priya Sooriyasena

More from aveterone