Ayeth Monawath Liyanne Na (Lamathani)

ආයෙත්‌ මොනවත්‌ ලියන්නේ නෑ (ළමාතැනී)

Lyrics of Ayeth Monawath Liyanne Na (Lamathani)

ආයෙත්‌ මොනවත්‌ ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්‌
කිසිවක්‌ කියන්නේ නෑ ආයේ
ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත්‌
ළමාතැනී මං නුඹට ලියු හොර ලියුම්‌ අපරාදේ

කුලී ගෙදර තාමත්‌ මට හෙවණයි
තනිකම සින්නක්කර නිවනයි

කුලී ගෙදර තාමත්‌ මට හෙවණයි
තනිකම සින්නක්කර නිවනයි
නුඹ ලැබුණා නං නෑ මේ ලෙඩ දුක්‌
කසාය නොව මං අද බොන්නේ සරුවත්‌

ආයෙත්‌ මොනවත්‌ ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්‌

කලඳක්‌ වත්‌ තෙත්‌ නොවූ හිතක්‌ ගැන
කප්පරකට පැතූ උතුම්‌ පැතුම්‌

කලඳක්‌ වත්‌ තෙත්‌ නොවූ හිතක්‌ ගැන
කප්පරකට පැතූ උතුම්‌ පැතුම්‌
පල දෙන්නේ නැති එක සත්තයි දැන්‌
ඔයින්‌ ගියා ඇති රසබර ආල කෙරුම්

ආයෙත්‌ මොනවත්‌ ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්‌
කිසිවක්‌ කියන්නේ නෑ ආයේ
ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත්‌
ළමාතැනී මං නුඹට ලියු හොර ලියුම්‌ අපරාදේ

කසාය නොව මං අද බොන්නේ සරුවත්‌
ඔයින්‌ ගියා ඇති රසබර ආල කෙරුම්
නුඹට ලියු හොර ලියුම්‌ අපරාදේ
ඔයින්‌ ගියා ඇති රසබර ආල කෙරුම්

Ayeth Monavath Liyanne Naa – Lamathani – sangeeth wijesuriya

More from aveterone

Enable Notifications OK No thanks