Kelesaka Keewath

කෙලෙසක කීවත්

Lyrics

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

යාදිනියක සේ මා ලඟ දැවටී
සෙනෙහස පැතු එදිනේ
ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ
මට අමතකව නැතේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

අසන හැම මුවින් ලොවම මා වෙතින්
ඔබ විමසන දවසේ
බැඳි පෙම සඟවා ඉන්නද ඉවසා
මා ගොලු බිහිරෙකු සේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

Kelesaka keewath kiwath kivath keevath -Chandrasena Hettiarachchi

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks