Dasatha Madu Wasanthe

දසත මධු වසන්තේ

lyrics

දසත මධු වසන්තේ
යසට සිතුවම් වෙලා
රජත හසරැලි දිසේ
මුහුණු විකසිත වෙලා
දසත මධු වසන්තේ

බඹරතුඩු නොදුටු හෙල්මැලි
කපුරු අතුරලා
සුළං පොද රැදුණු මල්
සුවඳ විත ඉහිරිලා
සුවඳ විත ඉහිරිලා
දසත මධු වසන්තේ

නොහිම් සුව විඳින සිත
සිරුරෙනුදු නික්මිලා
තව්තිසාවක සරයි
අසිරියෙන් මත්වෙලා
අසිරියෙන් මත්වෙලා

දසත මධු වසන්තේ
යසට සිතුවම් වෙලා
රජත හසරැලි දිසේ
මුහුණු විකසිත වෙලා
දසත මධු වසන්තේ

Dasatha Madu Wasanthe – Victor Rathnayaka

More from aveterone

Enable Notifications OK No thanks