කඩ මණ්ඩියේ

Lyrics

කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාමත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැදයන්න බැරී
දෑස මොටද සිතුසේ දැකගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී

Kada Mandiye කඩමණ්ඩියේ – Nanda Malani

More from aveterone

1 Comment

Your email address will not be published. Required fields are marked *

  1. පෙම්වතුන් යුවලක් ප්‍රේමයෙන් බැදුණු පමණින් ඔවුන්ට එක්වීමට ඉඩදීමට තරම් සමාජය කාරුණික නැතුව සේම ඊට සූදානම්ද නැත. සමාජය විසින් ඔවුන් එකිනෙකා නොයෙකුත්තහංචි හා බාධකයන් පමුනුවති. කුල, මල, ආගම්, ජාති-භේද, කන්යාභාවය යනාදිය එයින් සමහරකි. මෙකී තහංචි බිඳගෙන ගොසින් සාර්ථකත්වය ලැබුවේ ප්‍රේම බන්ධන කිහිපයක් පමණි. මෙම ගීතය තුළින් ද විවරණය වනුයේ එකී සමාජ බන්ධනයන් හ්තුවෙන් එක් වීමට නොහැකිව ලතවෙන ප්‍රේමයක දුක්මුසු හැගුම් සමුදායයි.

    කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී
    කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී
    දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

    රසවින්දනය කිරීමේ පහසුව සඳහා මෙම ගීතයේ කථිකයා පෙම්වතුකු රසවින්දනය කරමි. කඩ මණ්ඩියේ දොළ අයිනේ හැම තැනකදීම ඔහුගේ නෙතුගැටෙන්නේ ඇඟේ රුව වෙතටයි. නමුත් ඒ රුව සිතු සේ දැකගන්නට ඔහුට හැකියාවක්නැත. එයට බෝහෝ බාධකයන් ඔවුනට හරස් වේ. නැවතී බලනවා මොහොතක් කොහොමහරි යන්නෙන් සිත බැඳි තරුණියගේ රුව දැකගැනීමට තිබෙන්නා වූ අසීරුතාවය කොතරම් දැයි සිතාගත නොහැකිද?පෙව්වතුන්ට කතාබස් කිරීමට දහසක්දේ ඇත. මොවුන්ටද එසේමය. නමුත් ඔවුන් එයට ඔවුන් ජීවත් වන සමාජයෙන් ඉඩක්නැත. එහෙයින් හද තුළ තෙරපෙන හැඟුම් සමුදාය කියාගත නොහැකිව ඔවුන් ලතැවේ.

    ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

    ඔවුනට කිසිදා එක්වීමට නොදෙන සමාජ බලවේගයන් කොතෙකුත් ඇත. ඔවුන්දෙදෙනා දෙස දහසක් දෙදෙනා බලා සිටින හෙයින් ඔවුන්ට නිදහසේ වචනයක් දෙකක්වත් කතාකිරීමට සුළු හෝ අවසරයක් නැත. ගහ කොළට ඇස් දහසක් ද, සුළඟට කන්දහසක්ද ඇත යන්නේ ඔවුන් වට කොතරම් බාධකයන් ඇත්ද? කොතරම් දෙනා ඔවුන්දෙස උකුසු ඇස හෙළමින් සිටින්නේද යන්න ගම්යමාන නොවන්නෙහිද? අවට ඇත්තේද ඉතා සියුම් කන් හෙයින් රහසින් වත් කතාබස් කරන්නට ඔවුනට ඉඩක් නැත.මේ බාධකයන් මැද්දේ ඔහුට ඇය කිසි දිනක නොලැබෙන බැව් ඔහු හොඳින්ම දනී.එහෙයින්දෙදෙනා කතාබස් කිරීමෙන් සිදුවන්නේ දුක් වැඩිවීම පමණක්මැයිද,එයට වඩා කිසිත්නොදොඩා සිටීම යෙහෙකැයි ඔහුට සිතේ.

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
    දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
    කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී

    තම අදහස ප්‍රකාශ කිරීමට ජන කවියකු මෙන් විවිධ උපහැරණ ගෙන දක්වයි. කොතරම්විශාල සයුරක් තිබුනද පලක් නැත, පිපායස සංසිඳුවාගැනීමට දිය දොතක් බොන්නට නොහැකි නම්. කොතරම් ළඳුන් සිටියද පලක් නොමැත තමන් ආලයෙන් බැඳි ලඳ ලබාගත නොහැකිනම් යන්න එමගින් ව්යංග්යාර්ථවත් වේ. ඔරුවක් තිබුනද එය පැද යන්නට නොහැකි නම් ඉන් පලක් ඇද්දැයි ඔහු විමසයි. එයින් ඔහු ඉඟ කරනුයේ ලබාගත නොහැකි කායික ඇසුර නොවේද? දෑසක් තිබුන දතමන් දැකුමට ප්රිය ලද සිතුසේ දැකගත නොහකි නම් ඉන් ඵලක් ඇත්දැයි ඔහු විමසයි. කුසුමක් පිපී සුවඳ හැමුවට පලක්නොමැත, ඉන් රොන් ගත නොහැකිනම් ‘මොහු ඉන් ඉඟි කරනුයේද ලිංගික ඇසරනොවේද? කෙසේ නමුත් මෙම පෙම්වතාගේ ආලය රාගයෙන් විනිර්මුක්ත නොවූවක්බව නම් පෙනේ. තමාට ලබාගත නොහැකි සම්භෝග සුවය පිළබඳ ඔහු දුක්වන බැව් පෙනේ.

    මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ අති විශිෂ්ට ගේය පද රචනාවෙන්ද ,විශාරද නන්දාමාලිනියගේ භාවපූර්ණ හඬින්ද ගැයෙනා මෙම ගීතය සංගීතවත් කරන ලද්දේ සංගීතවේදීඑච්.එම්.ජයවර්ධනයන් විසිනි.ඔහු සිතාරය උයෝගී කරගනිමින් මවන නාද රටා තුළින්මෙම ගීතයෙන් ප්රකාශිත ශෝකී රසය තීව්ර කරලයි. නන්දා මාලිනියගේ හඬද මෙමගීතයෙන් ප්රකාශිත ශෝකය මුසු හැඟුම් දනවන්නට මැනවින් ගැළපේ.

Enable Notifications OK No thanks