Kageda Gon Wassa
&

කාගෙද ගොං වස්සා

Lyrics of Kageda Gon Wassa

මගෙ කුඹුරේ ඉනි වැට බිඳලා
ලපටි ගොයම් පැල කා දමලා
රැක සිටියෙමි වෙහෙසත් නොබලා
අල්ලාගෙන ආ දෙමි බැඳලා

කාගෙද ගොං වස්සා
මගෙ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා
පවරා දෙමි වස්සා

කාගෙද මේ හොර වසු පැටියා
සොයා කෙනෙක් එන තුරු සිටියා
මගේ අලාබය මේ සැටියා
අය කරගෙන දෙමි හොර කොටියා

කාගෙද ගොං වස්සා
මගෙ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා
පවරා දෙමි වස්සා

සවස් වෙලා අපෙ ගේ පැත්තේ
කව්ද බොලේ එනවා ඇත්තේ
වැටේ කඩුල්ලේන් අර පැත්තේ
හඳුනන මුහුනකි මම දැක්කේ

කාගෙද ගොං වස්සා
මගෙ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා
පවරා දෙමි වස්සා

මොකද ලඳේ මේ අරුමැත්තේ
කලකින් නුඹේ ලස්සන දැක්කේ
අපගැන ඇයි සැලකුම් නැත්තේ
මගේ නම් නැහැ වෙනසක් නැත්තේ

කාගෙද ගොං වස්සා
මගෙ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා
පවරා දෙමි වස්සා

සිරිමල් අයියට පැණි වරකා
ගෙන ආවෙමි ගෙදරින් පොරකා
සිරිමල් අයියේ මට සලකා
දෙනවද මට මගෙ කලු හරකා

දුන්නට පැණි වරකා
දෙන්නම් කලුහරකා
මා ගැන තව සලකා
දෙනවද බහ මැණිකා

මට, දෙනවද බහ මැණිකා
මට, දෙනවද බහ මැණිකා
මට, දෙනවද බහ මැණිකා
මට, දෙනවද බහ මැණිකා

Kageda Gon vassa – Annesley Malewana & Indrani Perera anasly

More from aveterone