Kala Reka (Himikamak Noliya)

කාල රේඛා | Kala Reka | Lyrics & Song

Lyrics of Kala Reka

නිමාවූ සෘතුවන්, පහුකරන් එදා
නොවේදෝ නිම්නයක්, මගහැරීලා ගියා
නොතේරේ ආ දුරක්, මාරුතේ මං හොයා
නිමාවක් නොවු නුඹත්, අල්තාරේ ලඟ මෙදා

හිමිකමක් නොලියා
හමුවන්න පේ වීලා
වේදනාවේ මගහැරුනු මං
හොයා… මා

හිමිකමක් නොලියා
අහිමි හිතක නුඹ නොතියා
කාල රේඛා මකාලන්න
සැරසෙනා … මා
එනවා

නොනිම් නැති තාරකා ආකහේ සැඟවිලා
නොදන්වයි කාරනා හිතන්නට ඉඩ තියා
නිශාකර නොමතිදා කලත් එලි සැරසිලා
නුඹත් ඒ තාරකා වගේ කල් මියැදිලා

හිමිකමක් නොලියා
හමුවන්න පේ වීලා
වේදනාවේ මගහැරුනු මං
හොයා… මා

හිමිකමක් නොලියා
අහිමි හිතක නුඹ නොතියා
කාල රේඛා මකාලන්න
සැරසෙනා … මා
එනවා

හිමිකමක් නොලියා
හමුවන්න පේ වීලා
වේදනාවේ මගහැරුනු මං
හොයා… මා

හිමිකමක් නොලියා
අහිමි හිතක නුඹ නොතියා
කාල රේඛා මකාලන්න
සැරසෙනා … මා
එනවා

More from raccoon