Lyrics
ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ
අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද සිහිලැලි වේ
ලොවම එපාවී …
ලබා නොමිනිසුන් නගනා ගෙරහුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළුගැන්වුනු සිත උණුසුම් වේ
ලොවම එපාවී …
Lowama ළොවම lovama ipawi Epawee epavi epawi – Nanda Malani


Comment