Duka Thadakaran

දුක තද කරන්

Lyrics

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්
අපි හමු වුනත් ඉඳහිට යළිත්
එක් වෙන්න බෑ කවදාකවත්
නිතර වැටෙනා කඳුළට ඉතින්
කතා කරගන්න පුලුවන් නම්
කියයි හඬගා ලොවට මතු දා
ඔබට මං ආදරේ කියලා

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්

විටෙක ළං වෙලා විටෙක වෙන් වෙලා
ගෙවෙන අපේ ආදරේ
කෙළවරක් සොයා තවම තැවෙනවා
මැරී මැරී ජීවිතේ
කොහොම පිළිගන්නේ මම නම්
ඔබේ දෑත අහිමියි කියා

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්

නොනිද රෑ පුරා දෙතැනකට වෙලා
හිමි අපේ ඉරණමේ
දැනෙන වේදනා වචනයෙන් කියා ගන්න
බෑ පණ මගේ
නොදක හිනැහෙන්නේ කොහොමැයි
කියා දෙන්න ඇවිදින් සොයා

දුක තද කරන් මහමෙර තරම්
දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්

Duka Thada Keran karan – Senanayaka Weraliyadda

More from aveterone

Enable Notifications OK No thanks