Meghana
&

මේඝනා

Lyrics

තරු පොකුරු පිපෙන
රෑ අහසේ සදක් තනි වෙලා
නිම් නොවූ සිනා කැන් කෝ අද
මුවක් ගොලු වෙලා
පෙම් කවක් ලියයි ඈ අද
සුදු රෝස පෙති පුරා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා //
/

නීල දෑස
කෝල බැලුම් කී නොකී කතා
හීන පුරන මැදියම් රෑ
සද කිනිති වසා

ඈ අන්ද සිතුවමේ තැවරූ
දේදුන්නේ රටා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා … //

මල් මකරන්දේ සුවද ගලා
ජීවිතේ පුරා
සිත කීරි ගැහෙන
නිමක් නොවන
හැගුම් කල්පනා

මහා මේඝයක දැවටී
ආවාදෝ සොයා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා … //

Meagana meghana megana – Raveen Kanishka raween & Pasan Liyanage

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks