Obe Sitha Ma Sitha

ඔබෙ සිත මා සිත

Lyrics

ඔබෙ සිත මා සිත වෙන් කළ
සිතුවිලි සංගිලි පාලම
ඒ මේ අත වැනෙනා
චකිතය සිත තනනා

ඇඟ සමබර කර එන්නෙ කොහොමද
හමනා විට ආදරේ කුණාටුව
ඇඳගෙන වැටුනත් හිතට බියක් නම් නෑ
ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී
මා මියදුනත් කමක් නෑ

ඔබෙ සිත මා සිත වෙන් කළ …

කීරි ගැහෙන කන් අයා සිටින්නද
බිදෙනා විට පාළමේ රැහැන්පට
දෑස පියාගෙන මං පියවර මැන්නා
ඔබ මා අතැඟිළි හමුවූ විගසකිනා
අප සිත් වෙන් කළ පාලම බිඳුණා
අප සිත් වෙන් කළ පාලම බිඳුණා

Oba sitha Ma sitha wen kala – Kasun Kalhara

More from aveterone

Featured on

Enable Notifications OK No thanks