Ma Mala Pasu Sohon Kothe

මා මළ පසු සොහොන් කොතේ | Ma Mala Pasu | Lyrics & Song

Lyrics of Ma Mala Pasu

මේ ලොව යම් කිසිවකු
මා හට පෙම් කල බව
එතකොට ඒ ගී රාවය..
හීන් හඩින් මට කියාවි

මා මල පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

නන්නාඳූනනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අදුරු රැයක
අඩ සඳ බැසගෙන යන සඳ
රෑහි හඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවි
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවි

Ma mala pasu sohon kothe – W. D. Amaradewa Pandith

More from raccoon

1 Comment

  1. මිනිස්සු විවාහ වෙන්නේ ඇයි? ඇය අසයි. ඇයට පිළිතුරක්ද ලැබෙයි.

    ඒ ඇය බලාපොරොත්තු වූ පිළිතුර නොවන නිසා ඇයම ප්රශ්නයට පිළිතුරු සපයයි.

    අපි විවාහ වෙන්නේ අපේ ජීවිතයට සාක්ෂිකාරයෙක් ඕනේ නිසා. මේ ලෝකේ මිනිස්සු බිලියන ගණනක් ඉන්නවා, එතනින් එක ජීවිතයක ඇති වැදගත්කම මොකද්ද? ඒත් විවාහයකදී, අනෙකාගේ ජීවිතේ හැම දෙයකදිම ලඟින් ඉන්න අපි පොරොන්දු වෙනවා. හොඳ දේවල්, නරක දේවල්, සාමාන්ය දේවල්, හැමදේම… හැම වෙලාවෙම…. හැමදාම. අපි අනෙකාට දෙන පණිවිඩේ තමයි ‘ඔයාගේ ජීවිතේ කාගේවත් අවධානයට ලක් නොවී ගෙවෙන්නෙ නෑ, මොකද ඔයාගේ ජීවිතේ මගේ අවධානයට ලක් වෙන නිසා, ඔයාගේ ජීවිතේ කිසිකෙනෙක් නොදැකම ගෙවෙන්නෙ නෑ, ඒ ජීවිතය දකින්න මම ඉන්න නිසා.

    මේ දෙබස ඇතුලත් වෙන්නේ Shall we Dance චිත්රපටියේ.

    ඇයි අපි බ්ලොග් ලියන්නේ? මට හිතෙනවා අර කලින් පිලිතුර තුළම ඒකටත් උත්තරේ තියනවා කියලා.

    යමක් කමක් හිතන්න පුළුවන් හැමෝටම ජීවිතේ එක කාලෙකදි යම්කිසි තනිකමක් දැනෙනවා කියල මට හිතෙනවා. මේක භෞතිකව දැනෙන තනිකමක්ම නෙමෙයි. මිතුරු ඇසුරෙන්, ප්රේම සම්බන්ධයකින්, විවාහයකින් හැමවෙලේම මේ තනිකම නැතිකරන්න බැහැ. මේ තනිකම ඇතිවෙන්නේ තමන්ගේ සිතුවිලිම, තමන්ගේ අදහස්ම, තමන්ගේ මතවාදම දරන තවත් අය ලෝකෙ කොහේ හරි ඉන්නවද කියන සිතුවිල්ල එක්කයි. ඇපි හැම වෙලේම තමන්ට සමානයෙක් හොයාගෙන යනවා. තමන්ගේ සිතුවිලි තවකෙක් තුලින් දකින්න උත්සහකරනවා. තමන්ගේ අදහස් බෙදාහදාගන්න පුළුවන් අය ලෝකේ ඉන්නවද කියලා හොයනවා.

    සමහර වෙලාවට, තමන්ගේ අදහස්, සංකල්පනා සියල්ල සම මට්ටමෙන් බෙදාගැනීමේ හැකියාව විවාහ වූ යුවලකට නැහැ. විවාහයකට ඒක අත්යාවශ්ය කාරණයක් නෙවෙයි. විවාහයකදී අපි බලාපොරොත්තු වෙන්නේ එකට ජීවත්වීම තුල එකිනෙකාට අපි දක්වන ආදරය, අවධානය සහ අනෙකාගේ ජීවිතය පිළිබඳ අපට ඇති අවබෝධය. එතැනදි, මම කියවන පොතක ඇති අදහස්, මතවාද ඒ අයුරින්ම මගේ බිරිඳ තේරුම්ගැනීමට වඩා වැදගත් වෙන්නේ මම පොත් පත් කියවන්න කැමති බවත්, සමහර විට මොනවගේ පොත්පත්ද කියන දේ ඇය තේරුම් ගැනීමයි. සොඳුරු සිත බ්ලොගේ තිබ්බ නිර්මාංශ කතාව වගේ…. සැමියා නිර්මාංශ වූ පමණින් බිරිඳත් නිර්මාංශී වීම නොවෙයි, දෙදෙනාගේ ප්රියතාවයන් ගැන දෙදෙනා තේරුම්ගැනීමයි විවාහයකදී විය යුත්තේ.

    නැවතත් ප්රධාන මාතෘකාවට….

    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගේ ලඟ තනියට එනු මැනවී
    මගේ ලඟ තනියට එනු මැනවී….

    ස්ත්රී පුරුෂ ප්රේමය මුල්කරගෙන ලියැවුණත්, මේ ගීයෙන් කියවෙන සත්යය සහෘදත්වය පිළිබඳවත් වලංගුයි කියලා මම හිතන්නේ. කවදාහරි මරණයෙන් අවසන් වෙන අපේ ජීවිතය, කිසිවෙකු නොදන්නා, කිසිවෙකුට මතක නැති තවත් නිකම්ම නිකම් ජීවිතයක් වෙයිද කියන බය හැමවෙලාවෙම අප තුල තියනවා. ඉතින් අපි අපේ ජීවිත තව කෙනෙකුට වැදගත්, තව කෙනෙකුට මතක තියන ජීවිතයක් කරන්න උත්සහ ගන්නවා, සමහර විට එහෙම කරනවා කියන සම්පූර්ණ අවබෝධයන් නෙමෙයි. ඉතින් අපි බ්ලොග් ලියනවා. අපිට හිතෙන්නේ අපි දන්න දෙයක් තවත් කෙනෙක් එක්ක බෙදාගන්නවා කියන සිතුවිල්ලයි. නමුත් අපි අවංකව තව ටිකක් හිතුවොත්, ඇත්තටම අපි කරන්නේ, අපි කියන කරන දේ දකින, ඒ ගැන අවධානයෙන් ඉන්න සහෘදයන් පිරිසක් එකතු කර ගැනීම නොවේද?

    “සමහර විට මට කියලා යන්න බැරි වෙයි..හිටි හැටියේ නොකියම යන්න වෙයි මට… ඒ හින්දා කල් ඇතිවම කියලා තියෙන එක හොඳයි… හැමෝටම ආයුබෝවන්…! ”

    මේ ලඟදී දවසක බ්ලොග් අවකාශයේ පහුකරගෙන යන්න අපහසුවක් දැනුන වචන පේළියක්… මම කියන්න උත්සහ කරන දේ මේ වචන කීපය ඇතුලේ තියනවා කියලා මට හිතෙනවා. තමන්ගේ මරණය අපේ එදිනෙදා ජීවිතයේ නිතර කතාබහ කරන මතෘකාවක් නොවුනාට, අපි කියන කරන දෑ වල මරණය කෙරෙහි අපේ ආකල්ප සැඟවිලා තියනවා.

    මට සමාවෙන්න….

    මේක නැවත කියවාගෙන යනකොට, මම අසාධාරණ විදිහට ‘මගේ’ ආකල්ප තුලින් ‘අපි’ කරන දේ වටහාගන්න උත්සහ කරල තියන බව මට හිතෙනවා. හැමෝම බ්ලොග් ලියන්නේ මම මේ කියන හේතුව නිසාම නොවෙන්න පුළුවන්. නමුත් ඇපි හැමෝගෙම බ්ලොග් යටින් පොදුවේ දිවෙන්නේ මේ හේතුව කියලා හිතන්න මම කැමතියි. එහෙම හිතනකොට, යම් සැහැල්ලුවක් දැනෙන නිසා, මං වගේ තවත් අය ඉන්නවා කියලා දැනෙන නිසා.

    Copied ⓕ Facebook
    Sinhala Sindu සිංහල සින්දු