Mage Duwe

මගෙ දුවේ | Mage Duwe | Song & Lyrics

Lyrics of Mage Duwe

සැනසීම ලැබුනාද නැවතී සිතාවි ඈ
දරු ස්නේහ ඇති දාක හඳුනාගනීවි ඈ
හිනිපෙතම සොයා ලුහුබඳින තුරා හමු නොවී තියේවී ජීවිතේ
සුන්දරයි සිතා කටු ඔටුනු දරා සැනසුමක් තියේද මගෙ දුවේ

ලෝකේ ඔබේ අතනොහරිනා ආයාසයෙන් සිහින දකිනා
නොලැබෙනා දේට දුකක් වෙන්නෙපා
ආඩම්බරෙන් නුඹව රකිනා සේනා සැදෙයි සැවොම රැඳෙනා
නොවටිනා මාව මතක් වෙන්නෙපා
තුරුලේ සුව මා ගෙන ආ ලෙස පෙරදා
තරමින්ම දැනුනානම් ජීවිතේ

අංගාර වැස්සේ උතුරනා ගංගා වගේ පැමිනි දුක මා
මහමෙරක් සේම දරන් උන් එදා
රෑ නින්ද බෝ වෙන්න හිතලා ඈ ගාව මා නින්ද වැරුවා
රැකගෙනා හීන වලක්වන්නෙපා
තනියේ ගෙවෙනා හිතේ දුක නිවලා
එනවාද මම තාම පාලුවේ

හිනිපෙතම සොයා ලුහුබඳින තුරා හමු නොවී තියේවී ජීවිතේ
සුන්දරයි සිතා කටු ඔටුනු දරා සැනසුමක් තියේද මගෙ දුවේ

Mage duwe duve – senasima labunada – Supun Perera

More from raccoon