Mage Husama Wage Inna

මාගේ හුස්ම වාගේ ඉන්න | Mage Husma Wage Inna | Song & Lyrics

Lyrics of Mage Husma Wage Inna

මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න
මාගේ ආදරේ
ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ
ඒකයි නොපෙනුනේ
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ

නෙතගේ ඉඟියක් එවා
මගේ මුළු හිතම කැටයම් කළා
නෙතගේ ඉඟියක් එවා
මගේ මුළු හිතම කැටයම් කළා

මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න
කියලා දෙන්න මාගේ ආදරේ

මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
රකිමි සදාකල් මගෙ පණ පුදාලා
මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
රකිමි සදාකල් මගෙ පණ පුදාලා
දිනෙක අපි මියේවී අපේ ලොවට යාවී
මිහිදන් නොවූ ආදරේ සදහට රැඳේවී
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවී

ඔබේ සුව දැනීලා හැඟුම් යයි පිරීලා
හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳීලා
ඔබේ සුව දැනීලා හැඟුම් යයි පිරීලා
හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳීලා

අපේ සුසුම් පාවී පාවීල යාවී
යළි ආයෙ භවයකදී අප වෙත හමාවී
ඉසුරුමුණි නොවේ මේ
අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවී

නෙතගේ ඉඟියක් එවා
මගේ මුළු හිතම කැටයම් කළා
නෙතගේ ඉඟියක් එවා
මගේ මුළු හිතම කැටයම් කළා

මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ
ඒකයි නොපෙනුනේ
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ

Mage Husma Wage Inna – Ajith Bandara

More from aveterone