මගේ පුංචි රෝසමලේ

Lyrics

මගේ පුංචි රෝසමලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා

කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය නුඹට කියන්න
තරහක් නැහැ නුඹ බැසයන්න

මගේ පුංචි රෝස මලේ

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරණවානම්
ආසයි මම කවුළුපියන් හැරලා තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න

මගේ පුංචි රෝස මලේ

Mage Punchi Rosamale rosa- Amarasiri Pieris peris

More from aveterone

Featured on

1 Comment

  1. අමරසිරි පීරිස් මහතා ගයනා කරන මෙම ගීතය ධම්මික බණ්ඩාර මහතාගේ රචනයක්. මෙම ගීතයට පාදක වෙන්නේ එක්තරා ගයකයෙක්ගේ අත්දැකීමක්. මෙය ධම්මික බණ්ඩාර මහතා පවසන විදිහට එම ගායකයා විසින් පවත්වාගෙන ගිය සංගීත පන්තියකට පැමිණි ගැහැණු ලමයෙක් කෙරෙහි බැඳුනු ආදරයක් නිසා ලියවුනු ගීයක්. එම ගැහැණු ළමයට වඩා ගායකයා වයසින් ඉතා වැඩි නිසා තම ආලය සඟවාගෙන ජීවත් වීමට ඔහුට සිදු වුණා.

    දිනක් ධම්මික මහතා එම ගායකයා හමුවීමට ගිය විටෙක ඔහු මත්පැන් පානය කරමින් ඉඳ තිබෙනවා. ධම්මික මහතා දැකල ඔහු අඩමින් කිව්වලු, ගැහැණු ළමයා විවාහ වන බව කියල බුලත් දීල පිටත්ව ගියාලු. ඔහු දරාගන්න බැරි දුකෙන්ලු හිටියේ. මේ සිද්ධිය ගැන ධම්මික මහතා ලිව්වා ගීතය තමයි මගේ පුංචි රෝස මලේ….