Lyrics
මේ ගමන මග නතර විය යුතුයි
නෙතු සොරොව් දොර විදී
සුසුම් සැඩ සුළි සැදී
මේ ගමන මග නතර විය යුතුයි
මෙතෙක් පැමිනිය දුරද හරිම පුදුමයි
ගිමන් නිව්වෙත්
වැටුනු කදුලු තුලමයි
කොහේ යන්නද නොදැන
ඔහේ පැමිණිය ගමන
නිමා කල යුතු
එකම එක රිදුමයි
මේ ගමන මග නතර විය යුතුයි …
සිතක් වෙලිලා
තැනූ සිහින අපමණයි
ඔබත් ඔබෙමයි
තවම මමත් මගෙමයි
පතා පැමිණිය නුවර
තෙමා තුරවී වැටෙන
නිමා කල යුතු නෙතු කදුලු
බොහිමයි
මේ ගමන මග නතර විය යුතුයි …
Me Gamana maga nathara wiya yuthuyi – Harshana Dissanayake dissanayaka


Comment