Lyrics Of Nandana Sihina Gange
නන්දන සිහින ගඟේ ප්‍රේම දියේ නාලා
මකරන්ද පියරු ගාලා
චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා
නැලවෙන්න මිහිර දීලා
කුංකුම සුවඳ උරා දිස්වෙන ලීලා
අංජන සිසිල නුරා ඇස්වල ගාලා
දෑත බැඳී හාදු දිදී
ලැමට වෙලී ඉඳලා
දෙතොලේ කොනක් සෙමින් හපලා
මම ආයෙත් ඇසක් කොනට කරලා
යන්තම් හොරෙන් මදෙස බලලා
මට ඩිංගක් සිනාසෙන්න ඕනා
නන්දන සිහින ගඟේ ප්‍රේම දියේ නාලා
මකරන් ද පියරු ගාලා
චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා
නැලවෙන්න මිහිර දීලා
නලවලා ගස්සලා මෙහෙ බලන්න හැරිලා
හිනැහිලා මට කියන්න ආදරේද කියලා
මී පැණින් නාවාලා සූකිරින් ගාවාලා
සිහිනයක් පෙන්නාලා ආයෙමත් කොඳුරාලා
ආදරෙයි ආදරෙයි කියන්නකෝ ලංවීලා
දෙතොලේ කොනක් සෙමින් හපලා
ඔබ ආයෙත් ඇසක් කොනට කරලා
යන්තම් හොරෙන් මදෙස බලලා
මට ඩිංගක් සිනාසෙන්න ඕනා
නන්දන සිහින ගඟේ ප්‍රේම දියේ නාලා
මකරන්ද පියරු ගාලා
චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා
නැලවෙන්න මිහිර දීලා
තියඹලා නියඟලා වද මලක්ද නෙලලා
අන්දලා බන්දලා හැඩ බලන්න හිතිලා
මීදුමත් ශෘංගාරයි දේදුනුත් රන් පැහැයයි
පාලුවත් නැති ගානයි ආදරේ පෙර සේමයි
ආදරෙයි ආදරෙයි සිඹින්නකෝ ලංවීලා
දෙතොලේ කොනක් සෙමින් හපලා
ඔබ ආයෙත් ඇසක් කොනට කරලා
යන්තම් හොරෙන් මදෙස බලලා
මට ඩිංගක් සිනාසෙන්න ඕනා
නන්දන සිහින ගඟේ ප්‍රේම දියේ නාලා
මකරන්ද පියරු ගාලා
චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා
නැලවෙන්න මිහිර දීලා
කුංකුම සුවඳ උරා දිස්වෙන ලීලා
අංජන සිසිල නුරා ඇස්වල ගාලා
දෑත බැඳී හාදු දිදී ලැමට වෙලී ඉඳලා
දෙතොලේ කොනක් සෙමින් හපලා
ඔබ ආයෙත් ඇසක් කොනට කරලා
යන්තම් හොරෙන් මදෙස බලලා
මට ඩිංගක් සිනාසෙන්න ඕනා
Nandana sihina gange – Sangeeth Wijesooriya sanjith sangeth
Comment