Gini Malak

ගිණි මලක් 

Lyrics

ගිණි මලක් පිපුනාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුනා පුරපස
පිපුණි දොරකඩ රන් මලක් //

මදහසක් දිළිසීය මුව අග
නිමේෂයකට අඩ ඉමක් ඇඳ
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙන ගියා අප අනන්තය වෙත
ගෙන ගියා අප අනන්තය වෙත

ගිණි මලක්

දුටිමු අප ඇගෙ ඇසි පියන් යට
දෙසිත් කැළඹු නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර
තැබී ඈ තව පියවරක් දුර

ගිණි මලක් …//

Gini ගිනි Malak pipunaya dorakada – Kithsiri Jayasekara

More from aveterone

1 Comment

Your email address will not be published. Required fields are marked *

  1. මේ ගීතය රචනා කරල තියෙන්නෙ දැනට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් වන ධම්ම දිසානායක සහ කීර්ති ආරියදාස යන මහත්වරුන්. ගීතය රචනා කර තිබෙන්නේ ඔවුන් දෙදෙනා විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය ලබන අවධියේ. ගීතය නිර්මාණය කිරීමට හේතුවත් ඉතා අපූරු කතාවක්. ඔවුන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ ඉඳල තියෙන්නෙ එකම බෝඩිමක. දවසක් ඒ බෝඩිමට ලස්සන ගෑණු ළමයෙක් එනවා යම් කිසි පණිවිඩයකට. ඔවුන් දෙදෙනාම ඒ ගෑණු ළමයව දැකල ඇය ගියාට පස්සෙත් ඇය ගැනම කතා කරන්න ගන්නවා. ඒ අතරේ දෙයියෝ දුන්න වගේ ඇය අයෙත් ඔවුන්ගේ බෝඩිමට එනවා. දෙපාරක්ම තමන්ගේ බෝඩිම ඉදිරියේ පෙනී හිටපු මේ තරුණිය දැකල ඔවුන් තම සතුට දරාගන්න බැරුව ඒ සිතුවිලි සමුදාය ගීතයකට නැගුවා. දෙදෙනාගේම අදහස් වලින් ලියපු මේ ගීතයට ඉතාම අලංකාර තනුවක් යොදන්නේ ලලිත් වික්‍රම මහතා. කාන්තාරයකට වැටුණු වැස්සක් වගේ අහම්බෙන් දැකපු මේ ගෑණු ළමය ගැන සිතට ආපු අදහස් ගීතයට එකතු කරලා තියෙන විදිහ ඉතාමත් අලංකාරයි.

Enable Notifications OK No thanks