නිහඩ අරණ

Lyrics

නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පළඳයි
ආදරයේ නිම් නැති අභිමන්
//

සයුරෙහි දිය කඳු මත හිඳ
අහසින් එන වැහි බිඳුවට පෙරුම් පුරන්නම්
දැල්වෙන ඉර හඳ යට හිඳ
පහනෙන් එන එළි හිතකට ඇළුම් කරන්නම්
ඔබ තරුවක් සේ ජීවිතයට පහදා දේ නම්

නිහඩ අරණ දළු මල් පුබුදයි

නිල් කඳු හිස ජය ගත් දින
දෙව් ලොව දුර ඈතක බව වටහා ගන්නම්
විල් දිය ඇහැරෙන කොඳ මල
රතු ඇස් ඇති හිරු මඩලෙන් සඟවා ගන්නම්
ඔබ කවියක් සේ ජීවිතයම පහදා දේ නම්

නිහඩ අරණ දළු මල් පුබුදයි //

Nihanda Arana nihada – Rohan Shantha Bulegoda

More from aveterone

Enable Notifications OK No thanks